FAST NEWS

24×7 Around the Globe

සයිටම් ගැන GMOA පක්ෂ 10 ක් සමග සාකච්ඡාවේ..

සයිටම් ආයතන වසා දැමීම සඳහා දේශපාලන පක්ෂවල හා වෘත්තිය සමිතිවල සහයෝගය ලබාගැනීම සඳහා දේශපාලන පක්ෂ 10 ක් සමග සාකච්ඡා පවත්වා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මීට අමතරව වෘත්තිය සමිති 25 ක් සමග සාකච්ඡා පවත්වා තිබෙන බවත් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් හැර අනෙක් ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කර තිබෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය සමග ඉදිරියේදී සාකච්ඡා කරණ බවද ඒ මහතා පවසා සිටියේය.