දිවයිනේ ප්රදේශ කිහිපයක පෞද්ගලික සහ ලංගම බස් රථ සේවකයන් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
අප වාර්තාකරුවන් පැවසුවේ සිද්ධීන් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වර්ජන කි්රයාත්මක කෙරෙන බවයි.
හැටන් සිට මහනුවර දක්වා ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ සේවකයන් අද (10) උදෑසන වර්ජනයක් ආරම්භ කළා.
ඒ, මහනුවර බස් නැවතුම්පොලේදී වේලාසටහන්කරුවෙකු විසින් පෞද්ගලික බස්රථ කොන්දොස්තරවයෙකුට පහරදීමේ සිද්ධියක් මුල්කර ගනිමින්.
මේ අතර අම්පාරෙන් ගමන් ආරම්භ කරන සියලූ පෞද්ගලික බස් රථ සේවකයන්ද වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, නියමිත කාලසටහනකින් තොරව ලංගම බස් රථ ධාවනය කරන බවට චෝදනා කරමින්.
කතරගමින් ගමන් ආරම්භ කරන ලංගම බස් රථ සේවකයන්ද වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අම්බලන්ගොඩ කහව ප්රදේශයේදී කොන්දොස්තරවරයෙකුට සිදුවූ පහරදීමේ සිද්ධියකට විරෝධය පළ කරමින්.







