FAST NEWS

24×7 Around the Globe

ජනපති රටේ පාලනය තම අතට ගත යුතුයි…

 

ජනාධිපතිවරයා ලෙස රටේ පාලන බලය තම අතට ගත යුතුව පවතින බව ඩිලාන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

 ඔහු පවසන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගත යුතු ඇතැම් තීරණ වෙනත් පුද්ගලයින් විසින් ගැනීම තුළ රටේ විවිධ ගැටළු මතුවී ඇති බවයි.

බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඩිලාන් පෙරේරා මහතා මේ බව කියා සිටියේය.