FAST NEWS

24×7 Around the Globe

සම්මුතිය අගොස්තුවේ අවසන් – ශ්‍රීලනිපය තීන්දුවට රැස්වෙයි !

සම්මුතිවාදී ආණ්ඩුව සමඟ තවදුරටත් රැඳෙනවාද නැද්ද යන්න පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී තීරණය කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.

2015 වසරේ සැප්තැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව වසර දෙකක් සඳහා පිහිටු වූ සම්මුතිවාදී ආණ්ඩුවෙහි ආයු කාලය, 2017 තුන්වැනි කාර්තුවේදී නිම වීමට නියමිත අතර ඒ පිළිබඳව කළ විමසීමේදී ඩිලාන් පෙරේරා මහතා මේ බව සඳහන් කෙළේය. 2015 අගෝස්තු 21 වැනිදා සම්මුතිවාදී ආණ්ඩුවකට එකතු වීමට අදාළ ගිවිසුමට එජාප හා ශ්‍රී ලනිප පක්ෂ ලේකම්වරු වන කබීර් හෂීම් සහ දුමින්ද දිසානායක මහත්වරු අත්සන් කළහ. එම ගිවිසුමට අනුව බලපැවැත්වෙන කාලය වසර 2ක් බැවින් එය ලබන අගෝස්තු මාසයේ 21දා අවසන් වෙයි.