FAST NEWS

24×7 Around the Globe

හොලෝකොප් නඩුවේ දෙදෙනෙකුට ඉන්ටපොල් වරෙන්තු…

හෙලෝකෝප් සමාගම මිලට ගැනීමේ දී මුදල් විශුද්ධිකරණයක් කළැයි මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පස් දෙනකුට එරෙහි නඩුවේ මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති විදේශගතව සිටින සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (9) ඉන්ටපෝල් වරෙන්තු නිකුත් කළේය.

ඉන්දික ප්‍රභාත් කරුණාජීව සහ ඉරේෂා සිල්වා යන සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස මෙසේ අධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.

එසේම අදාළ නඩු විභාගය ජූනි 5 වැනිදා තෙක් කල් තැබීමටද නියෝග කෙරුණී.