FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකාවේ නව නීතිපති ලෙස ජෙෆ් පත්වෙයි..

ඇමෙරිකා එක්සත් ජනපදයේ නව නීතිපතිවරයා ලෙස ජනපති ට්‍රම්ප් යෝජනා කළ ඇලබාමා සෙනට් සභික ජෙෆ් සෙෂන්ස්ගේ පත්වීම සෙනට් මණ්ඩලය විසින් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී 52 ට 47ක් ලෙස වැඩි ඡන්ද 5කින් සෙනට් මණ්ඩලය ජෙෆ් සෙෂන්ස්ගේ පත්වීම තහවුරු කර ඇති බවද පැවසේ.

‍මේ සමගම ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ සේවය කරන 113,000කට අධික වෘත්තිකයන්ගේ ප්‍රධානියා බවට ජෙෆ් සෙෂන්ස් පත්වනු ඇත.