FAST NEWS

24×7 Around the Globe

නව ආසන සංවිධායකවරු තිදෙනෙක් ජනපති අතින් පත්වීම් ලබති.

මධ්‍යම පළාතේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායකවරු තිදෙනෙක් අද පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් පත්වීම් ලිපි ලබාගත්හ.
ජනාධිපති මාධ්‍ය එ්කකය පැවසුවේ බදුල්ල පස්සර ආසන සංවිධායක ලෙස චාමර සම්පත් දහනායක ද මාතලේ රත්තොට ආසන සංවිධායක ලෙස නන්ද්‍රිමිත‍්‍ර ඒකනායක ද හපුතලේ ආසන සංවිධායක ලෙස සුමිත් සමයදාස ද මෙහිදී ජනාධිපතිවරයාගේ අතින් පත්වීම් ලිපි ලැබූ බවයි.
ජනාධිපති නිල නිවසේදී මෙම පත්වීම් ප‍්‍රධානය සිදු කෙරිණ.
මේ අවස්ථාවට අමාත්‍ය රාජිත සේනාරත්න,විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා  එක්ව සිටියහ.