FAST NEWS

24×7 Around the Globe

තිරසර සංවර්ධන පනත් කෙටුම්පත පිළිබඳ ඌව ඡන්දය අද..

මීට මාස දෙකකට පෙර පළාත් සභාවලින් පරාජයට පත්වූ ‘ශ්‍රී ලංකා තිරසර සංවර්ධන පනත් කෙටුම්පත’ සංශෝධනය කිරීමෙන් අනතුරුව පළාත් සභාවල අදහස් විමසීම පිණිස මධ්‍යම රජය මගින් නැවතත් පළාත් සභාවලට ඉදිරිපත් කර තිබෙන අතර ඒ පිළිබඳව ඌව පළාත් සභාවේ අදහස් විමසීම හා ඡන්ද විමසීම අද (09) ඌව පළාත් සභාවේදී සිදුකිරීමට නියමිතය.

මෙම පනත් කෙටුම්පත පිළිබඳව ඌව පළාත් සභාවේ අදහස් විමසීම පිණිස පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් ඌව පළාත් ආණ්ඩුකාරවරයා හරහා ජනවාරි මස ඌව පළාත් සභාව වෙත යොමුකොට තිබූ අතර ඉකුත් ජනවාරි 26 දා රැස්වූ ඌව පළාත් සභාවේ මාසික රැස්වීමට ඌව පළාත් සභාවේ සභාපති ඒ.එම්. බුද්ධදාස මහතා විසින් ඉදිරිපත් කළ නමුත් පළාත් සභා මන්ත්‍රීවරුන්ට ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමට කාලය අවශ්‍ය බැවින් එය ඉදිරි සභා රැස්වීම තෙක් කල් තැබීමට ඌව පළාත් සභාවේ සියලු මන්ත්‍රීවරු ඒකමතිකව එකඟතාව පළ කළහ.

මේ අනුව මෙම පනත පිළිබඳව අද (09) දා ඌව පළාත් සභාවේ මැති ඇමැතිවරුන්ගේ අදහස් විමසීම හා ඒ පිළිබඳ ඡන්ද විමසීමද සිදුකිරීමට නියමිතව ඇත.