FAST NEWS

24×7 Around the Globe

සීමා නිර්ණ වාර්තාව සතියක් තුළ ගැසට් කරනවා – ඇමති මුස්තාෆා

පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ සීමා නිර්ණ වාර්තාව සතියක් තුළ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන බව පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

මේ අනුව ජූලි මාසයට පෙර මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්වීමට හැකි වටපිටාව සකස් කර දෙන බවද හෙතෙම පවසා සිටියේය.

සීමා නිර්ණ කොමිෂන් සභා වාර්තා තම අමාත්‍යාංශයට භාරදී දෝෂ තිබූ බවත් මේ දිනවල එම දෝෂ සකස් කරමින් සිටින බවද ඔහු කියා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.