FAST NEWS

24×7 Around the Globe

බිබිල ප්‍රදේශයේ ඉන්ෆුවන්සා (H1N1) පැතිර යයි..

ඉන්ෆුවන්සා (H1N1) වෛරස් උණ රෝගය ශීඝ්‍ර ලෙස බිබිල ප්‍රදේශයේ පැතිර යමින් පවතින බව බිබිල මූලික රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධිකාරී වයි.එම්. සුනිල් සෙනරත් යාපා මහතා පවසයි.

මෙම රෝගය වැලඳුණු රෝගීන් තිස් දෙනෙකු පමණ සතියක් තුළදී  සොයාගෙන  ඔවුන්ව වෙනම වාට්ටුවක රඳවා ප්‍රතිකාර ලබාදෙන බව හෙතෙම ප්‍රකාශ කර සිටියි.

එසේම රෝගය පැතිරීයාම වැළැක්වීම අරමුණීන් නේවාසික රෝගීන්ට මෙන්ම රෝගීන් බැලීමට පැමිණෙන අයට මුඛ ආවරණ ලබාදීමටත්, රෝගීන් බැලීමට එන අය සීමා කිරීමටත් පියවර ගෙන ඇති බව හෙතෙම පවසයි.

මේ අතර පෝස්ටර් බැනර් අත්පත්‍රිකා මගින් ජනතාව දැනුවත් කිරීමටත් රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කරමින් සිටින බව අධිකාරී වරයා සඳහන් කරයි.

මේ නිසා බිබිල ප්‍රදේශයේ පදිංචි ජනතාවට කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, පාචනය, උණ ගතිය ඇති වුවහොත් ළඟම ඇති රජයේ රෝහලකට ගොස් අනිවාර්යයෙන්ම ප්‍රතිකාර ලබාගැනීමට කටයුතු කරන ලෙස ‍වෛද්‍ය අධිකාරි සුනිල් සෙනරත් යාපා මහතා වැඩිදුරටත් සඳහන්කර සිටියේය.