FAST NEWS

24×7 Around the Globe

විදුහල්පතිවරුන් සඳහා වු විශේෂ දීමනාව ඉහළට..

විදුහල්පතිවරුන් සඳහා දැනට ගෙවනු ලබන විශේෂ දීමනාව ඉහළ නැංවීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරයවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබුණු බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (08) පැවති කැබිනට් මාධ්‍ය හමුවෙදී පැවසී.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරයවසම් මහතා  මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩය වෙත ඉදිරිපත් කර තිබේ.

එ අනුව දිවයින පුරා විසිරී ඇති 10,162ක් වන ජාතික හා පළාත් පාසල්වල සේවය කරනු ලබන විදුහල්පතිවරුන් විසින් ඉටු කරනු ලබන සංකීර්ණ වූත්, වගකීම් සහිත වූත් කාර්යභාරය සැලකිල්ලට ගෙන ඔවුන් දිරිගැන්වීමේ අරමුණින් මෙම තීරණය  ගෙන ඇති බව පැවසේ.