FAST NEWS

24×7 Around the Globe

හෙට දිනයේ ජල සැපයුම අඩාල වීමේ අවදානමක්..

ගැටළු කිහිපයක් මුල්කරගනිමින් ඊට විසදුම් ඉල්ලා හෙට(09) දිනයේ වර්ජන ක්‍රියාමාර්ගයකට යොමුවීමට ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

එ අනුව මෙම හේතුවෙන් ජල සැපයුම අඩාලවීමේ අවදානමක් පවතින බැවින් මහජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳ වගකීම බලධාරීන් විසින් බාරගත යුතු බවට  එම සංගමය නිවේදනයක් නිකුත් කරමීන් අවධාරණය කර සිටියි.