හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් නැතැයි කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(09) පැවැත්වුණු මාධ්‍ය හමුවක දී ඔහු කියාසිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනාවලට අපේක්‍ෂකයන් අත්සන් තබා ඇතත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊට සිය අනුමැතිය මෙතෙක් ලබාදී නොමැති බවයි.
මහින්ද රාජපක්‍ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කුරුණෑගල දිස්ති‍්‍රක්කයට තරග වැදීම සදහා අද පෙරවරුවේ නාමයෝජනාවලට අත්සන් තැබූ බව මීට පෙර වාර්තා වුණා.
ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ අපේක්‍ෂකයන් විසින් අත්සන් කරනු ලබන නාමයෝජනා පසුව අදාළ පක්‍ෂයේ සභාපතිවරයා විසින් අනුමත කළ යුතු බවයි.







