FAST NEWS

24×7 Around the Globe

ශෂී වීරවංශට එරෙහි නඩුව විභාගයට ගැනීම තීන්දුයි..

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ඇති නඩුව විභාගයට ගැනීමට  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (08) තීරණය කළේය.

ඒ අනුව අධිකරණ මෙම නඩුවට අදාළව සාක්ෂිකරුවන් තිදෙනෙකුට සිතාසී නිකුත් කළ අතර ලබන මැයි මස 25,30,සහ 31 යන දිනයන්හිදී සාක්ෂි විමසීම සිදුකිරීමටද තීරණය කළේය.