FAST NEWS

24×7 Around the Globe

අනධ්‍යයන සේවක විරෝධයෙන් දැඩි රථවාහන තදබදයක්…

 

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක විරෝධතාවක් හේතුවෙන් කොළඹ පුරහල ආශ්‍රිතව හා වෝඩ් පෙදෙසේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති අතර අතර මාසික හිලව් දීමනාව වැඩි කිරීමේ චක්‍රල්ඛය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් නිකුත් නොකිරීම මෙම වර්ජනයට හේතුව වේ.

පාගමන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දෙසට ගමන් කිරීමට නියමිත අතර ඒ හේතුවෙන් තුම්මුල්ල දෙස සිට කොළඹට ඇතුළුවන මාර්ගය සහ බොරැල්ල දෙස සිට වෝඩ් පෙදෙස හරහා මාර්ගය අවහිර වී තිබේ.

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් විසින් මෙම පාගමන සංවිධානය කර ඇති බව පොලීසිය පැවැසූ අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරති.