FAST NEWS

24×7 Around the Globe

සයිටම් ප්‍රධාන විධායක නිලධාරීවරයාට වෙඩි ප්‍රහාර එල්ල වෙයි…

 

මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්නට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා තිබේ.

වෙඩි තැබීමෙන් ඔහුට හානියක් සිදුව නොමැති අතර, මුල්ලේරියාව පොලීසිය සදහන් කළේ ඔහු ගමන් කළ මෝටර් රථයට වෙඩි ප්‍රහාර 4ක් එල්ල වී ඇති බවයි.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයන් යතුරුපැදියෙන් පැමිණ ඇත්තේ මුළුමනින්ම මුහුණ ආවරණය කර ගත් හෙල්මට් පැළඳගෙන බවට වාර්තා වේ.

ප්‍රධාන විධායක නිළධාරීවරයා සිය රාජකාරි අවසන් කර නිවස බලා යාමට සූදානම් වන අවස්ථාවේදී මාළඹේ සයිටම් ආයතනය ඉදිරිපිට දී ඊයේ(06) රාත්‍රියේ 7.30ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණි.

සිද්ධියෙන් කම්පනයට පත්, වෛද්‍ය සමීර සේනාරත්න ප්‍රතිකාර සඳහා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කර තිබේ.