FAST NEWS

24×7 Around the Globe

උතුරු ඉන්දියාවේ භූ කම්පනයක් සිදු වෙයි…

 

ඉන්දියාවේ උත්තරාකාන්ත් ප්‍රාන්තයේ ප්‍රබල භූ කම්පනයක් සිදුවී තිබේ.

ප්‍රාන්ත අගනුවර වන දෙහෙරාදුන් සිට කිලෝමීටර් 97ක් දුරින් පිහිටි උකිමාත් කේන්ද්‍රකොටගෙන සිදුවූ මෙම භූ කම්පනයේ ප්‍රබලතාව රික්ටර් පරිමාණය අනුව 5.8ක් වේ.

ඉන්දීය වේලාවෙන් ඊයේ(06) රාත්‍රී 10.33ට සිදුවී ඇති මෙම භූ කම්පනයෙන් ජීවිත හානි සිදුවූ බවක් මෙතෙක් වාර්තා වී නොමැති නමුත්, භූ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ පොළොවේ කිලෝමීටර් 7ක් පමණ ගැඹුරින් සිදුව ඇති භූ කම්පනයෙන් විශාල හානියක් සිදුවිය හැකි බවයි.

භූ කම්පනය යාබද පන්ජාබ් ප්‍රාන්තයට මෙන්ම නවදිල්ලිය ඇතුළු උතුරු ඉන්දියාවේ නගර රැසකටද දැනී තිබේ.