FAST NEWS

24×7 Around the Globe

පිළිකා ගැන සෙවීමට ස්වීඩනයේ පර්යේෂණ කණ්ඩායමක්..

ශ්‍රී ලංකාවේ පිළිකා රෝගය පැතිරයාමට බලපා ඇති හේතු පිළිබඳව පර්යේෂණ කිරීමට ස්වීඩනයේ පර්යේෂණ කණ්ඩායමක් සූදානමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් මගින් සඳහන් කරයි.

මහාචාර්ය ජෝන් මිවැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම පර්යේෂණ කණ්ඩායම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කරන ලද බවත් එම නිවේදනයේ සඳහන් වේ.

විශේෂයෙන්ම මහරගම අපේක්ෂා රෝහල සමග ඒකාබද්ධ වී එම පර්යේෂණ සිදු කරන අතර, මෙහිදී ලේ පිළිකා පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීමට නියමිතය.

ඒ අතර පිළිකා රෝගීන් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදෙන ප්‍රතිකාර සහ සහන සේවා පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා එම පර්යේෂණ කණ්ඩායම දැනුවත් කරන ලද බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.