FAST NEWS

24×7 Around the Globe

FCID ස්ථානාධිපතිට හා නීතිපතිට අධිකරණයෙන් නොතීසි..

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයාට සහ නීතිපතිවරයාට ලබන 13 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අද (06) කොළඹ මහාධිකරණය නොතීසි නිකුත් කළේය.

රජයේ වාහන අවභාවිත කළැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කෙරුණු ප්‍රතිශෝධන ඇප අයදුම්පත්‍රය සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම නියෝගය නිකුක් කර සිටියේය.