FAST NEWS

24×7 Around the Globe

මිරිජ්ජවිල සිද්ධියට 25 ක් යළි රිමාන්ඩ්..

මිරිජ්ජවිල අයෝජන ප්‍රවර්ධන කලාපය විවෘත කරන අවස්ථාවේදී කළහකාරී ලෙස හැසිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 25 දෙනෙකු යළිත් එළැඹෙන 13දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය අද (30දා) නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුව ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 29 දෙනෙකු අද (30) අධිකරණයට ඉදිරිපත් කළ අතර එයින් සිවු දෙනෙකුට සුවිශේෂී කාරණා යටතේ ඇප ලැබුණි.