FAST NEWS

24×7 Around the Globe

ටී.එන්.එ මන්ත්‍රී සුමන්තිරන්ට තර්ජන – ආරක්ෂාවත් වැඩි කෙරේ..

තමන්ට එල්ල වී ඇති ජීවිත තර්ජන හේතුවෙන් අමතර ආරක්‍ෂාවක් ලබාදී ඇති බැව් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා මාධ්‍ය වෙත පැවසීය.

එසේම මෙම තර්ජන පිළිබඳව ආරක්‍ෂක අංශ අනාවරණය කරගෙන ඇති බැවින් අමතර ආරක්‍ෂාවක් සපයා දී ඇති බවද හෙතෙම අවධාරණ කළේය.

සුමන්තිරන් මහතා වෙත තර්ජන සිදුකළ බවට පැවසෙන පුද්ගලයන් දෙදෙනකු මෙ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්‍ෂක අංශ පවසයි.

ජාතීන් අතර සංහිඳියාව ඇති කරලීමට කටයුතු කරමින් සිටින බැවින් තමන්ට මෙසේ තර්ජන එල්ල වී ඇති බවද හෙතෙම මාධ්‍ය වෙත වැඩි දුරටත් අවාධරණය කර සිටියේය.