FAST NEWS

24×7 Around the Globe

2020 වනතුරු කිසිවෙකුටත් දේශපාලන බලය ගන්න බෑ – ජනපති

මේ කාලය දේශපාලන බලයට සටන් කළ යුතු කාලයක් නොවන බවත් සියලු දෙනාම එකතු වී රට ගොඩනැගීමට සටන් කළ යුතු කාලයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මොණරාගල කුඹුක්කන් ඔය වාරි යෝජනා ක්‍රමයට මුල්ගල තැබිමේ උත්සවයට පෙරේදා (28) එක්වෙමින් පැවසීය.

දැන් කටයුතු කළ යුත්තේ රටේ ආර්ථිකය හැදීමට, රට ගොඩනැගීමට, රටේ සමෘද්ධිය ඇති කිරීමට බවත් දේශපාලන බලය ගැන කවුරු කතා කළත් 2020 වනතුරු කිසිවෙකුටත් එය ලබාගත නොහැකි බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

මෙම වාරි යෝජනා ක්‍රමය සඳහා රජය රුපියල් මිලියන 31,315ක මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර ඒ තුළින් මොණරාගල දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 13,400ක් වගා කිරීමටද සැලසුම් කර තිබේ.

එමෙන්ම මීට අමතරව පුද්ගලයින් හත්ලක්ෂ පනස්දාහකට පානීය ජලය ලබාදීමත් ගිගා වොට් පැය 16ක විදුලි නිෂ්පාදනයක් සිදු කිරීමටත් සැලසුම් කොට තිබේ.