FAST NEWS

24×7 Around the Globe

මාධ්‍යවේදීයෝ හා සමාජ ක්‍රියාකාරීන් විල්පත්තුව නිරික්ෂණය කරති..

ශ්‍රී ලංකාව තුළ දැඩි කතාබහට ලක්වි තිබෙන විල්පත්තුව හා එ අශ්‍රීතව පවතින මායිම් ගම්මාන පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා පරිසරවේදීන් හා සමාජ සේවා ක්‍රීයාකාරීන් ප්‍රමුඛව මාධ්‍ය කණ්ඩායමක් ඊයේ (28) දිනයේ එම ප්‍රදේශයන්හි සංචාරකයක නිරත විය.

එම කණ්ඩායම ප්‍රථමයෙන්ම විල්පත්තු වන සීමාව නිරික්ෂණය කළ අතර එහිදි පැහැදිලි වුයේ එම සීමාව තුළ පිහිටි එක් නිවසක් හො නොමැති බවත් එහි කිසිදු ජනාවාස කිරීමක් සිඳු නොවී ඇති බවය.

පසුව ඔවුහු විල්පත්තු වන සීමාවේ සිට කීලෝමීටර් 20 ක් දුරින් පිහිටි, මතභේදයට ලක්ව තිබෙන මරිච්ච්කට්ටු ගම්මානය වෙත ගමන් කළහ.

එහිදී  1980  දී එවකට පළාත් පාලන අමාත්‍යවරයාව සිටි ආර්.ප්‍රේමදාස ඇමතිවරයා හා එවකට මන්නාරම පාර්ලිමේන්තුව මන්ත්‍රීවරයෙක් වු Mr.Soosaithasan (දවිඩ එක්සත් විමුක්ති පෙරමුණ)  හා එක්ව ගම්උදාව වැඩසටහන යටතේ මුස්ලම් ජනතාව වෙත ඉදිකර දී තිබු නිවාස 10ක පමණ නටුබුන් දැක ගැනීමට එම කණ්ඩායම වෙත හැකියා ලැබුණී.

එසේම එහි අදාළ ව්‍යාපෘතිය සඳහා වු තැනුනු සමරු ඵලකයද ඔවුන්ට දැක ගැනිමට හැකි විය.

පසුව ඔවුහු  මෑතකදී නැවත පංදිචි කිරීමට වලට ලක් කෙරුණු Kondaichi නිරීක්ෂණය කළ එහි සිංහල පිරිමී 85 ක් සහිතව ජනාවාස කර තිබේ.

ඒ අනුව එම ග්‍රාමයේ ජීවත් වන සියළු ආගම් නියෝජනය වන ගම්වැසියන් කණ්ඩායමක් සමග මෙහිදි එම ඔවුහු පිළිසඳරෙහි යෙදුනාහ.

එහිදී අදහස් දැක්වු ගම්වැසියෝ..

” අපි අමාරුවෙන් සිටින විට ඇමති රිෂාඩ් අපිව බලන්න ආවා,ඔහු අපට විදුලිය හා ජලය ලබා ගැනීම සඳහා උපකාරි වුනා, ඔහු මුස්ලිම් නිවාස ඉදිකිරීමට කටාර් රජය විසින් ලබාදී ඇති අරමුදල් වලින් අපට නිවාස 21 ඉදි කර දුන්නා

ඔහු කලින් කලට අපේ යහ පැවැත්ම ගැන විමසීමට කටයුතු කළා, අමාත්‍ය රිෂාඩ් චෝදනා කරමින් දකුණු සිට බෞද්ධ භික්ෂූන්, පරිසරවේදීන් හෝ සිංහල රැඩිකලුන් කිසිවක්, අප වෙත ද අපගේ පැවැත්ම හෝ යහපැවැත්ම සොයා ගැනීමට උදව් කළේ නෑ,.

මෙම නිරික්ෂණ සංචාරය අවසානයේදී එම කණ්ඩායම වෙත එම ස්ථානයේදීම මාධ්‍ය හමුවක්ද පැවැත්වීමට කටුයුතු කළේය.

එහීදි අදහස් දැක්වු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදීයුදීන් මහතා සඳහන් කර සිටියේ විල්පත්තු විනාශයැයි එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් සිංහලයන් අතර කළු වලාකුළු ඉවත් කිරීමට  පරිසරවේදීන් හා සමාජ සේවා ක්‍රීයාකාරීන් ප්‍රමුඛව මාධ්‍ය කණ්ඩායමක් මෙම සංචාරය සංවිධානය කළ බව හෙතෙම පැවසීය.