FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන ආයතනවල සීමානිර්ණය වාර්තාවේ අඩුපාඩු..

බලාපොරොත්තු නොවූ තරම් විශාල අඩුපාඩු ප්‍රමාණයක්‌ තමාට භාරදුන් පළාත් පාලන ආයතනවල සීමානිර්ණය වාර්තාවේ ඇති බව පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා සීමානිර්ණ කමිටු සභාපතිවරයාට ලිතව දැනුම් දී තිබේ.

කමිටුව සකස්‌ කළ ගැසට්‌ නිවේදනයේ සංශෝධනය කළ සීමා මායිම් පිළිබඳ  විශේෂ සඳහනක්‌ කර නැතැයිද සංශෝධනය වූයේ කුමක්‌ද යන්න එහි පැහැදිලි නැතැයිද දැනුම් දී ඇත.

එමෙන්ම කමිටුවේ නම ගැසට්‌ නිවේදන ඇතුළත් වෙළුමේ පිටකවරයේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා පිටපත්වල යොදා නැතැයිද එම වරද පළාත් මට්‌ටමින් සකස්‌ කළ සිතියම් ඇතුළත් ඉංග්‍රීසි පිටපත්වලද ඇතුළත් කර නොමැති බවද සඳහන් කරයි.

තවද භාෂා තුනේම පරිවර්තනයේ සීමා මායිම් පිළිබඳ අඩුපාඩු රැසක්‌ද වෙනස්‌කම් රැසක්‌ද ඇති නිසා ඒවා නිවැරදි කිරීමට විශාල ආයාසයක්‌ දැරීමට සිදුව ඇතැයිද ඇමැතිවරයා දැනුම් දී ඇත.

මෙම අඩුපාඩු පිළිබඳව වහාම කමිටුවේ ස්‌aථාවරය දැනුම් දෙන ලෙසද ඇමැතිවරයා කමිටු සභාපති අශෝක පීරිස්‌ මහතාගෙන් ඉල්ලා තිබේ.