FAST NEWS

24×7 Around the Globe

ජල විදුලිය පහතට – නොරොච්චෝලේ විදුලි උත්පාදනය උපරිමයටම…

 

ජල විදුලිය 11% දක්වා පහත වැටී තිබෙන බවත්, මේ නිසා නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි උත්පාදනය උපරිමයෙන්ම සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පැවැසීය.

මේ අනුව සමස්ත විදුලි අවශ්‍යතාවෙන් 52%ක් නොරොච්චෝලේ බලාගාරය තුළින් ලබාදෙන බවද එම සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි මහතා සඳහන් කලේය.

පසුගිය දිනවල ඇති වූ වර්ෂා තත්ත්වය තුළින් ජල විදුලිය නිෂ්පාදනය කරන ජලාශවල ජල මට්ටම කිසිදු අයුරකින් ඉහළ නොගිය බවත්, මේ වනවිට ජල විදුලිය නිපදවන ජලාශවල  ජලමට්ටම 33% දක්වා පහත වැටී තිබෙන බවද ඔහු පවසා සිටියේය.

දිගින් දිගටම විදුලිය නිෂ්පාදනය කරන ජලාශවලට ජලය නොලැබුණහොත් මාර්තු මාසය වනවිට ජලවිදුලි නිෂ්පාදනය අර්බුදයකට ලක්වන බවද හෙතෙම සඳහන් කළේය.