FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප්, මෙක්සිකෝ ආනයනික භාණ්ඩ සදහා බදු පැනවීමට යයි…

 

මෙක්සිකෝවේ සිට ආනයනය කෙරෙන භාණ්ඩ සදහා බදු පැනවීම කෙරෙහි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමුව තිබේ.

ට්‍රම්ප් සැලසුම් කර ඇත්තේ එයින් ලැබෙන මුදලින් අමෙරිකාව සහ මෙක්සිකෝව අතර දේශ සීමාව හරහා තාප්පය ඉදිකිරීමටය.

මෙම තාප්පය ඉදිකිරීමට අදාළ නියෝගයට ඔහු ඉකුත් බදාදා අත්සන් තැබූවේ සිය මැතිවරණ සමයේ ලබාදුන් පොරොන්දුවක් ඉටු කරමිනි.

ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ යෝජිත තාප්පය වෙනුවෙන් මෙක්සිකෝව මුදල් වැය කරනු ඇති බවට වන නමුත් තාප්පය ඉදිකිරීමට මුදල් ලබා නොදෙන බවට මෙක්සිකෝවේ ජනාධිපතිවරයා ඊයේ(26) ප්‍රකාශ කරන ලදි.

එසේම තාප්පයක් ඉදිකිරීමට ජනාධිපතිවරයා දුන් නියෝගය ද ඔහු හෙළා දැක ඇතැයි විදෙස් මාධ්‍යයන් සදහන් කරයි.