FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍ය අගමැතිනිය අතර අද සාකච්ඡාවක් පැවැත්වේ…

 

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු එක්සත් ජනපදයේ 45 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු අද(27) ප්‍රථම වරට විදේශීය රාජ්‍ය නායිකාවක හමුවීමට නියමිතය.

ඇමරිකාවේ සංචාරයක් ආරම්භ කළ බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ සහ ජනාධිපති ට්‍රම්ප් අතර සාකච්ඡාව අද(27) වොෂින්ටනයේ ධවල මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

ජනාධිපති ට්‍රම්ප් පවසා සිටියේ තමාට වාණිජ ලේකම්වරයෙකු නොමැති බැවින් බ්‍රිතාන්‍ය අගමැතිනිය සමඟ පවත්වන වෙළඳ සාකච්ඡා ද තමා විසින්ම මෙහෙයවන බවයි.