FAST NEWS

24×7 Around the Globe

විදේශ ශ්‍රමිකයින් වෙනුවෙන් කොළඹ ප්‍රකාශය එළිදැක්වේ…

විදේශ ශ්‍රමිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් වූ කොළඹ ප්‍රකාශය එළිදක්වා තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ එම ප්‍රකාශය මඟින් කරුණු 04ක්  කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි.

ශ්‍රමිකයින් බඳවා ගැනීම, පුහුණුව මුල්කරගත් ශ්‍රම වෙළෙඳපොළ ප්‍රතිපත්තියක් සැකසීම, ශ්‍රම විභජනනය පාලනය කිරීම සම්බන්ධයෙන් නවීන තාක්ෂණය භාවිතා කිරීම, ශ්‍රම සංක්‍රමණය පිළිබඳ ගෝලීය සම්මුතියකට එලඹීම මෙමඟින් අරමුණු කෙරෙන බව සඳහන් වේ.

විගමනික ශ්‍රමිකයින් යවන සහ ලබාගන්නා රටවල් 18ක අමාත්‍යවරුන්ගේ රැස්වීමකදී මෙම කොළඹ ප්‍රකාශය එළිදැක්වුණු බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන ලදි.