FAST NEWS

24×7 Around the Globe

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්…

 

අද(27) රාත්‍රී කාලයේ සිට දිවයිනට හා දිවයින වටා මුහුදු ප්‍රදේශවලට තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.

එම වැසි සහිත තත්ත්වය එළැඹෙන 28දා තෙක් අපේක්ෂා කරන බවත්,  උතුර, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම හා ඌව ප්‍රදේශවලට මෙසේ තද වැසි අපේක්ෂා කරන බවද එම නිවේදනයේ දැක්වෙයි.

සවස් කාලයේදී දිවයිනේ බොහෝ පළාත්වල විටින් විට වැසි ‍‍හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් වාර්තා වෙයි.

විශේෂයෙන්ම ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්වමූ වැසි බලාපොරොත්තුවිය හැකි බවත් හා ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.