FAST NEWS

24×7 Around the Globe

සංශෝධිත දඩ පත්‍රිකාවට බස් හිමීයන්ගෙන් රතු එළියක් !

රථ වාහන වැරදි සඳහා වන සංශෝධිත දඩ පත්‍රිකාව ක්‍රියාත්මක කිරීමට පෙර බස් සංගම් වෙත ඉදිරිපත් කරන ලෙස සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනය ප්‍රවාහන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කරයි.

නව දඩ පත්‍රිකාව සකස් කර අවසන් බවට තොරතුරු වාර්තා වී ඇති බවත් සංශෝධිත දඩ පත්‍රිකාව ක්‍රියාත්මක කිරීමට පෙර බස් සංගම් වෙත ඉදිරිපත් නොකළහොත් ඔවුන්ගෙන් දැඩි විරෝධයක් මතුවනු ඇති බවද එම සම්මේලනය මාධ්‍ය වෙත පැවසීය.