FAST NEWS

24×7 Around the Globe

අන්තරේ කැඳවුම්කරු ලහිරු වීරසේකර රිමාන්ඩ්..

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මහතාව ඇප කොන්දේසි කඩ කළැයි සැකපිට පෙබරවාරි 07 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය.

උද්ඝෝෂණවලට සහභාගී විය නොහැකි බව කියමින් අධිකරණයෙන් ඔහුට ඇප කොන්දේසි පනවා තිබු අතර එම ඇප කොන්දේසිය කඩ කරමින් හෙතෙම  උද්ඝෝෂණයකට සහභාගී වීයැයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.