FAST NEWS

24×7 Around the Globe

රුසියා සහ ඇමෙරිකා ජනපතිවරු එක මතයක – සර්ගි ලැව්රොව්

රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් සහ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් යන දෙදෙනාම එක මතයක සිටින බව රුසියානු විදේශ අමාත්‍ය සර්ගි ලැව්රොව් සඳහන් කර ඇති බව විදේස් මාධ්‍ය වාර්තා පවසයි.

ජනපතිවරුන් දෙදෙනාගේම අරමුණ වී තිබෙනුයේ අයිඑස් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම මිස අනෙක් රටවලට අත නොපෑම බව හෙළි කරමින් හෙතෙම මෙ බව සඳහන් කර ඇත.

ලැව්රොව් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තම රට ඇමෙරිකාවේ පවතින තත්ත්වය නිරීක්ෂණයට ලක් කරමින් සිටින බවය.