FAST NEWS

24×7 Around the Globe

කාළගුණයෙන් විශේෂ නිවේදනයක් – මීටර් 100 ඉක්වමූ වැසි..

දිවයිනට හා දිවයින වටා මුහුදු ප්‍රදේශවලට අද (26) රාත්‍රී කාලයේ සිට තද වැසි බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම තත්ත්වය එළැඹෙන 28 දා තෙක් අපෙක්ෂා කෙරෙන බවත් උතුර, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම හා ඌව ප්‍රදේශවලට මෙසේ තද වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ දැක්වෙයි.

සවස් කාලයේදි වැසි ඇති විය හැකි බවත්  ඇතැම් ප්‍රදේශවලින්  මීලි මීටර් 100 ඉක්වමූ වැසි බලාපොරොත්තුවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.