FAST NEWS

24×7 Around the Globe

ගිං – නිල්වලා හැරවීමේ ව්‍යාපෘති ගැන සෙවිම FCID යට..

ගිං – නිල්වලා හැරවීමේ ව්‍යාපෘතියට මුදල් නිදහස් කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැවරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2015 වසරේ ජනවාරි පළමු වැනි දින සහ හත් වැනි දින අතර කාලය තුළ මහා භාණ්ඩාගාරය රුපියල් මිලියන 3549 ක් නිදහස් කර තිබිම සම්බන්ධයෙන් මෙම පරික්ෂණ පැවැත්වීමට නියමීතය.

මූල්‍ය වර්ෂයක ආරම්භයේදී මෙවැනි විශාල මුදලක් ගෙවීම අසාමාන්‍ය තත්ත්වයක් බැවින් ඒ පිළිබඳ පරීක්ෂා කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කෙරුණු අතර, එම කමිටුවේ නිර්දේශ මතයි මෙම තීරණය ගෙන ඇත.