FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර කොප් වාර්තාව නීතිපතිට – කොමීසමේ ගැසට්ටුවත් එයි !

මහ බැංකු බැදුම්කර වංචාවට අදාළ කෝප් කමිටු වාර්තාව නීතිපතිවරයාට යොමු කළ යුතු බවට පාර්ලිමේන්තුවේ එකඟතාවය හිමිව ඇති බව වාර්තා වේ.

එසේම මෙම කෝප් කමිටු වාර්තාව අභියෝගයට ලක්කරමින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ද ඉදිරිපත් විය.

මේ අතර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කිරීමට ද ජනාධිපතිවරයා නියෝග කර ඇති අතර,ඒ සඳහා වන ගැසට් නිවේදනය මෙම සතිය තුළ නිකුත් කෙරෙන බවත් වාර්තා වේ.

එසේම සියලු විමර්ශන මාස 3 ක් ඇතුළත අවසන් කර වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දිය යුතු බවත් සඳහන් වේ.