FAST NEWS

24×7 Around the Globe

ජනපති ට්‍රම්ප්ගෙන් අගමැති මෝදිට ඇරයුමක්..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත ඇමෙරිකානු සංචාරයක් නිරවීම සඳහා ඇමෙරිකා නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන්  ඇරයුමක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියි.

දෙදෙනා අතර සිදුවූ දුරකථන සංවාදයකදී මෙම ඇරයුම සිදුව ඇති බවද සඳහන්.

ලොව පුරා අභියෝග වෙත පිළියම් සෙවීමේදී ඉන්දියාව සැබෑ මිතුරෙකු මෙන්ම සහකරුවෙකු ලෙස ඇමෙරිකාව දකින බවද ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සංවාදයේදී පවසා තිබේ.

එ අනුව මෙම වසර තුළ මෝදි ජනාධිපතිවරයා ඉන්දියාව වෙත පැමිණෙනු ඇති බව ධවළ මන්දිරය සඳහන් කර ඇති බවද පැවසේ.