මෙවර විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේදි සිසුන් ලියාපදිංචි කිරීම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් සිදුකිරීමට තීරණය කර තිබේ.
එහි සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා පැවසුවේ, සිසුන් ලියාපදිංචිය විශ්වවිද්‍යාල තුළ වරින් වර සිදුකිරීම හේතුවෙන් ළමුන්ට ඇතැම් පාඨමලා හැදෑරීමේ අවස්ථා අහිමි වීමෙන් අසාධාරණයක් සිදුව ඇති බව ය.
ඒ සම්බන්ධයෙන් සිසුන්ගෙන් සහ දෙමාපියන්ගෙන් ලද පැමිණිලි සලකා බලා එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගන්නා බව ඔහු සඳහන් කළේ ය.
ඒ අනුව, සිසුන් ලියාපදිංචි කිරීම් සඳහා යම් කාල සීමාවක් ලබාදී එම කාල සීමාව තුළ එම කටයුතු සිදු කෙරෙනු ඇති.
පසුව ලියාපදිංචි වූ සිසුන්ගේ නාම ලේඛන අදාළ විශ්වවිද්‍යාලවලට ලබා දීමට කටයුතු කරන බව ද, ඔහු සඳහන් කළේ ය.







