FAST NEWS

24×7 Around the Globe

මහනුවර – කුරුණෑගල මාර්ගයේ බස් රථයක් පෙරළී 25 කට තුවාල..

අද (24) පෙරවරු 6.45ට පමණ මහනුවර – කුරුණෑගල මාර්ගයේ, අක්කරවත්ත,ප්‍රදේශයේදී බස් රථයක් අඩි 15ක පමණ ප්‍රපාතයකට පෙරළි සිදුවු අනතුරකින් 25 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මහනුවර දෙස සිට ගලගෙදර අක්කරවත්ත පිහිටි ඇගළුම් ආයතනයකට සේවිකාවන් ප්‍රවාහනය කරමින් සිට ඇති බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

තුවාල ලැබූවන් ගලගෙදර රෝහලට ඇතුළත්කර ඇති අතර ඉන් 15 දෙනෙකු මහනුවර මහ රෝහල වෙත මාරුකර යවා ඇති බව වාර්තා වෙයි.

ඉන් 3 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.