FAST NEWS

24×7 Around the Globe

දුම්රිය එන්ජින් රියදුරන්ගේ අකුරට වැඩ නවතී…

 

දුම්රිය එන්ජින් රියදුරන් ඊයේ(23) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වන විට අත්හිටුවා තිබේ.

ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ ප්‍රකාශ කළේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඊයේ(23) රාත්‍රියේ තම සංගමය ඇමතූ බවයි.

ගැටළු සම්බන්ධයෙන් අද(24) දිනයේ සාකච්ඡාවක් ලබාදීමට ද අමාත්‍යවරයා එහිදී පොරොන්දු වී තිබේ.

ඒ අනුව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ සදහන් කළේ සිය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටවූ බවයි.

බඳවා ගැනිමේ ක්‍රමවේදයේ ඇති ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය එන්ජින් රියදුරන් මෙලෙස අකුරට වැඩ කිරිමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් ආරම්භ කරන ලදි.