FAST NEWS

24×7 Around the Globe

බැඳුම්කර සිද්ධියේ පාර්ලිමේන්තු විවාදය අද පැවැත්වෙයි…

 

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වු පාර්ලිමේන්තු විවාදය අද(24) පැවැත්වීමට නියමිතව තිබේ.

කල් තැබීමේ විවාදයක් ලෙස මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ කෝප් වාර්තාව විවාදයට ගැනීමට නියමිතය.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ,කෝප් කමිටු වාර්තාව පසුගිය වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව අද පෙරවරු 9.30 යේ සිට දවස පුරා අදාළ වාර්තාව පිළිබද විවාදය පැවැත්වීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා සඳහන් කළේය.

මේ අතර අද(24) දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට පෙර පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

අද(24) පෙරවරුවේ කථානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන අතර එහිදී අද(24) දිනයේ පැවැත්වෙන විවාදය පිළිබදව අවසන් තීරණයකට එළඹෙනු ඇත.