ඇල්පිටියෙන් ගමන් ආරම්භ කරන මාර්ග කිහිපයක බස් රථ සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.අප වාර්තාකරු පැවසුවේ ඇල්පිටිය – කොළඹ සහ ඇල්පිටිය – අලූත්ගම යන මාර්ගවල ධාවනය කෙරෙන බස් රථවල සේවකයින් මෙලෙස වර්ජනයට එක්ව සිටින බවයි.
අණ නොතකා ධාවනය කෙරුණු ත්රීරෝද රථයකට පොලිසිය ඊයේ (08) වෙඩි තැබීමක් සිදුකළා. ඉන් තුවාල ලැබූ ත්රීරෝද රථ රියදුරා බස් රථ සේවකයෙකු ලෙස කටයුතු කරනවා. ඔහු මේ වන විට ප්රතිකාර ලබන්නේ කරාපිටිය රෝහලේයි. වෙඩි තැබීමට විරෝධය පළ කරමින් බස් රථ සේවකයින් වර්ජනය ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.







