අතිරේක මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් මහතා සඳහන් කළේ, ඊයේ දිනයේ ස්වාධීන කණ්ඩායම් 44 ක් ඇප මුදල් තැන්පත් කර ඇති බව ය.
මේ අතර පිළිගත් දේශපාලන පක්ෂ 15 ක් ඊයේ දිනයේ මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් මහතා පැවසී ය.
මේ වනවිට මැතිවරණට ඇප මුදල් තැන්පත් කර ඇති මුළු පක්ෂ සංඛ්‍යාව 24 කි.
මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ, මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් ද නාම යෝජනා භාර දී ඇති බව ය.
මහ මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම ලබන 13 වන දා මධ්‍යහන 12 ට අවසන් වේ.
මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 129 මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.







