FAST NEWS

24×7 Around the Globe

පිල්ලෙයාන් පෙබරවාරි 6 වැනි දා තෙක් තවදුරටත් රිමාන්ඩ්…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතා මරා දැමීයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින නැගෙනහිර හිටපු මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පෙබරවාරි 6 වැනි දා තෙක් තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණ අද (23) නියෝග කළේය.

මඩකලපුව මරියාල් දේවස්ථානයේ නත්තල් දේව මෙහෙයට පැමිණි පරරාජසිංහ මහතා 2005 දෙසැම්බර් 25 වැනි දා වෙඩි තබා මරා දැමීයැයි සැකපිට 2015 දෙසැම්බර් 9 වැනි දා පිල්ලෙයාන් අත්අඩංගුවට ගනු ලැබිණ.