හලාවත නගර සභාවේ සභාපති නීතිඥ ඩබ්ලිව්.ඒ. හිලරි ප්රසන්න ප්රනාන්දු මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර තිබෙනවා. ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වන ඒ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මැතිවරණයට තරග වැදී හලාවත නගර සභාවේ සභාපතිවරයා ලෙස තේරීපත් වුණා. එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ ආරාධනාවක් අනුව තමන් එම පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වන බවයි හිලරි ප්රසන්න ප්රනාන්දු මහතා ප්රකාශ කළේ.







