FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුවේ වැඩකටයුතු නිසා ආර්ථිකය බරපතළ අගාධයක – ජවිපෙ

රුපියල් දහයක අල්ලසක් ගත්තත් අල්ලස් පනත යටතේ නඩු පැවරිය හැකි බවත්, එහෙත් රුපියල් කෝටි ගණන් මහජන දේපොළ වංචා කළ පිරිස් නිදැල්ලේ සිටින බවද ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

හොරුන්ට, වංචාකරුවන්ට දඬුවම් ලබාදෙන බවට පැමිණ ආණ්ඩුව නඩු පැවරිය යුත්තේ කාටද නඩු පැවරී නැති අය කවුද යන්න මහදවල් තෝරමින් සිටින බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

ආණ්ඩුවේ වැඩකටයුතු නිසා ආර්ථිකය බරපතළ අගාධයකට පත්ව තිබෙන බවත්, ජනතා ගැටලු කිසිවකටත් නිසි විසඳුම් ලබාදී නොමැති බවද දිසානායක මහතා පෙන්වා දුන්නේය.

මේ නිසා ජනතා ගැටලු විසඳීමට අසමත් දූෂිතයන්ට වංචාකරුවන්ට දඬුවම් ලබානොදෙන හා දූෂණයේ යෙදෙනා ආණ්ඩු තවදුරටත් තිබිය යුතුද යන්න ජනතාව තීරණයක් ගත යුතු බවද අද (22දා) පැවැති ජනතා විමුක්ති පෙරමුණ දිරිය පුරවැසි ජාතික නියෝජන සම්මේලනයේදී සඳහන් කළේය.