FAST NEWS

24×7 Around the Globe

‘මහින්දට අගමැතිකම දෙන්න මෛත්‍රී එකගවුනා…’

 

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ධුර කාලයේදී, අගමැති ධුරයට මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා වූ විට ඔහු එය මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දෙන්නැයි කියූ බව රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පි. දිසානායක මහතා පවසයි.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අතීත කතාව සිහිපත් කලේය.

පි. දිසානායක මහතා එකල ජනාධිපතිනියගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළේය.

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා අගමැති කිරීමට ද ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය වරක් තීරණය කර තිබිණ.

මංගල සමරවීර මහතා ඊට සහය දැක්වූ නමුත්, අනෙකුත් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් ඊට එරෙහිවිය.