FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු වසංගතයක් දක්වා වර්ධනයවීමේ අවධානමක්…

 

හම්බන්තොට දිස්ත්‍රික්කයේ  පවතින නියං සමය තුළ ඩෙංගු රෝගය වසංගතයක් දක්වා වර්ධනයවීමේ දැඩි අවධානමක් ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුජ එල් .විපුලදාස මහතා පවසයි .

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ  හම්බන්තොට දිස්ත්‍රික්කයට මේ වනවිට බලපා ඇති නියං තත්ත්වය සම්බන්ධයෙන් පැවති ආපදා සහන කමිටු රැස්වීමට එක්වෙමිනි .

ජනවාරි මාසය තුළ පමණක්  හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඩෙංගු  රෝගීන් 161 ක් වාර්තා වූ බවත්,  එය ගිය වර්ෂය පුරාවටම වාර්තා වූ ප්‍රමාණය ඉක්මවා ඇති බව ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව ගිය වර්ෂය පුරාවටම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන්  වාර්තා වී තිබෙන්නේ   143 ක් පමණි.