දිගු නියඟයෙන් පසුව මඩකලපුව දිස්ත්‍රික්කයේ අද(20) උදේ සිටම වර්ෂාව ඇද හැලෙමින් පැවතුනි.
අද(20) උදේ පැය නවයකදී මි.මී.10.5 ක වර්ෂා පතනයක් සටහන් වී ඇති බවට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවැසීය.
මෙවර මෙම දිස්ත්‍රික්කයේ අක්කර එක් ලක්ෂ පනස් දාහක මහ කන්නයේ වී වගාව සිදු කර ඇති නමුත් විශාල කුඹුරු නියඟයෙන් හානියට පත්ව තිබුණි.
එසේම අද(20) ආරම්භ වූ වර්ෂාව අඛණ්ඩව පවතින බවද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවැසීය.











