නීතිවිරෝධී ලෙස පිස්තෝලයක් සහ ජීව උණ්ඩ කිහිපයක් ළඟ තබාගැනීමේ චෝදනාව මත බස්නාහිර පළාත් සභාවේ හිටපු සන්ධාන මන්ත්‍රී තුෂාර පෙරේරා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ බලපත්‍රයක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහු අද (08) දහවල් කටුනායකදී අත්අඩංගුවට ගත් බවයි.







