FAST NEWS

24×7 Around the Globe

ඉරණවිල පිළිබඳව අමෙරිකා තානාපති කාර්යාලයෙන් නිවේදනයක්…

ගුවන්විදුලි පාලක මණ්ඩලය (BBG) නමැති ස්වාධීන එක්සත් ජනපද ආයතනය ඉරණවිල මධ්‍යස්ථානය වසා දැමීමට තීරණය කර ඇති බව ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.

කෙටි තරංග විකාශනයන්ට සවන්දෙන ශ්‍රාවකයන් අඩුවීමත්, කෙටි තරංග සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑමේදී ඉහළ පිරිවැයක් දැරීමට සිදුවීමත් හේතුවෙන්  මෙම තීරණය ගෙන ඇති බව එහි සඳහන් වේ.

එහිදී, ඉරණවිල මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය ඉඩම ශ්‍රී ලංකා රජයෙන් බද්දට ලබාගෙන තිබූ බැවින් එය ආපසු රජයට බාරදුන් බවද තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

ඒ අනුව, මෙම සියලු වැඩිදියුණු කිරීම් සමග අක්කර 400ක ඉරණවිල ඉඩම ආපසු ශ්‍රී ලංකා රජයට භාරදෙන්නේ කෘතඥතා පූර්වකව බවද තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.